― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමෙරටට තෙල් හා ගෑස් ගෙන්වීමට රාජපක්ෂවරු මැදිහත් වෙලා

මෙරටට තෙල් හා ගෑස් ගෙන්වීමට රාජපක්ෂවරු මැදිහත් වෙලා

තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතුවලට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දැඩි ලෙස මැදිහත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

පවතින ඉන්ධන අර්බුදය නිර්මාණය වීමට හේතු හා ඊට සමගාමීව රට තුළ ඇතිව තිබෙන ගැටළු පිළිබඳව 43 සේනාංක පරිශ්‍රයේ අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

විවිධ තැන්වලින් විවිධ ආකාරයට තෙල් සම්පාදනය කර ගැනීමේ කටයුතු නවතා ලංකාව තුළ විධිමත්ව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වී ඇති සමාගම් හරහා ඒ කටයුත්ත කළ යුතු බව පෙන්වා දුන් පාඨලී චම්පික කියා සිටියේ මිත්‍ර රාජ්‍යන් සමඟ විවෘත ක්‍රියාවලියක ඒ කටයුත්ත කළ යුතු බවත් ඊට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇඟිලි ගැසිය යුතු නැති බවත්ය.

පහුගිය දිනවල ලංකාවට බොරතෙල් ගෙන ඒමට මැදිහත් වූ සමාගම මීට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක්ට ගුවනට චන්ද්‍රිකා යවන්න උදව් කළ සමාගම බවත් මේ සමාගම් දෙකම එකක් බවත් මන්ත්‍රීවරයා එහිදී හෙළිදරව් කළේය.

ජනතාව පුපුරන තැනට ගෙනිහිල්ලා රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි ඉල්ලා අස් වුණාට පස්සේ එතනට පත් වෙන්නේ කවුද කියන එක පිළිබඳව ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. විසිහතර පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවලා, රහසිගත ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත්කරගත යුතුයි. ඒ වගේම අනිවාර්යයෙන්ම සර්ව පාක්ෂික පාලනයක් හදලා, නිශ්චිත වැඩපිළිවෙලක් හදලා, ස්වාධීන මැතිවරණ කොමිසමක් හා මැතිවරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරලා, දින වකවානු නියම කරලා මැතිවරණයකට ගමන් කිරීමේ අපිට නම් වරදක් පේන්නේ නැහැ.