තාක්ෂණ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා පත්කර තිබේ.
අද (30) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජයන්ත ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිය පත්වීම් ලිපිය බාරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළ ජයන්ත ද සිල්වා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ වසර 30 කට වඩා වැඩි පළපුරුද්දක් සහිත නිළධාරියෙකි.