27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැරා ක්‍රීඩක දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

පැරා ක්‍රීඩක දුලාන්ගෙන් ලෝක වාර්තාවක්

පෙරේදා (28) සහ ඊයේ (29) කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන ජාතික පැරා මළල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබීමට පැරාලිම්පික් ක්‍රීඩක සමිත දුලාන් සමත් වී තිබේ.

ඔහු වාර්තා කළ දුර වන්නේ මීටර් 66.60 කි. මෙතෙක් එම තරග කාණ්ඩයේ පැවැති ලෝක වාර්තාව ලෙස සටහන් වන්නේ මීටර් 66.29 කි.

ඔහු පසුගිය 2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උලළේ F44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

යුද හමුදා පොලිස් සේවා බලකායෙන් පැරාලිම්පික් උළෙලක් සඳහා සහභාගී වෙන පළමුවැන්නා ලෙසින් ඔහු ටොකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගි විය.