― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසති දෙකකට රට වසන්න යෝජනාවක්

සති දෙකකට රට වසන්න යෝජනාවක්

සති දෙකකට රට වසා ඉන්ධන හා ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීමෙන් පසු නැවත රට විවෘත කරන්නැයි හරිමග ජාතික සංවිධානය ඉල්ලීමක් සිදු කර තිබේ.

ඉන්ධන අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකිවීමෙන් ජනතාවට තම ජනජීවිත පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ගෑස් හා ඉන්ධන පෝලිම්වල සිටීමෙන් මේ රටේ ජනතාවගේ ශ්‍රමය, ධනය සහ කාලය විනාශ වෙමින් පවතින බවත් එම සංවිධානයේ සභාපති නිශාන්ත කුමාර දසනායක පැවසීය.

හෙතෙම මේ බව අනාවරණය කළේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

රුපියල් දෙදහක තෙල් ගන්න රුපියල් 1500ක් වියදම් කරගෙන යන්න ජනතාවට සිදුවෙලා. රට සති දෙකකට වසා දැමුවහොත් ජනතාවගේ මුදල් ඉතුරු වෙනවා. කාලය ඉතුරු කර ගන්න පුලුවන්. එතකොට ඒ අය කුඹුරක හේනක හරි වැඩක් කරාවි. මෙහෙම තෙල් පෝලිම් වල ඉන්නෙ නැතුව. සති දෙකකින් තෙල් ටික බෙදලා රට අරින්න එතකොට මේ ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳෙයි. මේ වන විට අපිට පේනවා රට තුළ ව්‍යාපාරිකයින් දේශපාලනය කරන්න ලෑස්ති වෙනවා. ඒ අය එන්නේ 2025 ඒ රට හදන්න වත් රටේ අනාගතය ගොඩ දාන්න වත් නොවේ. ඔවුන්ට යම්කිසි දේශපාලන රැකවරණයක් ලබා ගන්නයි. රාජතාන්ත්‍රික භාවය ලබාගෙන ලෝකය ඉස්සරහට ගිහිල්ලා ව්‍යාපාර කරන්නයි මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ. මේ විදිහට එන මුදලාලිලාට මේ වගේ මේ රට බාර දෙන්න එපා මේ රටේ ජනතාවගේ මුදල් සූරා කාලා ඒ සල්ලි වල බලයෙන් ඇවිල්ල මේ රටේ දේශපාලනය කරන්න සූදානම් වල කට්ටියට ඉඩ දෙන්න හොඳ නෑ.