― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලට ගැනීමට සූදානම්

ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලට ගැනීමට සූදානම්

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම  LP  ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කර තිබේ.

මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්‍රෝ සමාගම විසින් ලබා දී ඇත.

මෙම තොගය මාස හතරකට රටට සැපයීමට ප්‍රමාණවත් වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ලබන අතර මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇත.

ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර බෙදා හැරීම වහාම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.