28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ආර්ථිකයේ මරණ මංචකයක් අභියස - ස්ටීව් හැන්ක් අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව ආර්ථිකයේ මරණ මංචකයක් අභියස – ස්ටීව් හැන්ක් අනතුරු අඟවයි

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයක් අභියස සිටින බව අමෙරිකානු ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්ක් (Steve Hanke) පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය 122%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දක්වා තිබේ.

ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ශ්‍රී ලංකාවට ඇපදීමේ ණය ක්‍රමවේදය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරගැනීමට වැඩසටහන් 16ක් සම්පාදනය කර දී ඇති අතර ශ්‍රී ලංකා බලධාරින් කිසිවෙකුත් මෙතෙක් එම වැඩසටහන් ක්‍රියාත්මක කර නොමැති බව ස්ටීව් හැන්ක් පවසයි.

ජුනි මාසය තුළ වැඩිම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට වැඩිම උද්ධමන වේගයක් ඇති රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව උදධමන දර්ශකයේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.