― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෝමාගම නිවසේ ගින්නට හසු වූ 06 හැවිරිදි දැරියත් ජීවිතක්ෂයට

හෝමාගම නිවසේ ගින්නට හසු වූ 06 හැවිරිදි දැරියත් ජීවිතක්ෂයට

පසුගිය 25 වැනිදා හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම දැරිය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අදාළ ගින්නෙන් දැරියගේ මව, පියා සහ වැඩිමහල් සොහොයුරියද ජීවිතක්ෂයට පත් වූ අතර ගින්නට හසුව පිළිස්සුම් තුවාල ලැබූ පවුලේ සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බැවින් දැරියගේ දේහය ඥාති නැන්දණියක විසින් භාරගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.