26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකෝන් ඇටයක් සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

කෝන් ඇටයක් සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

කෝන් ඇටයක් සිරවී මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු අද (05) අලුයම ජීවිතක්ෂයට පත් වූ බව මොණරාගල රෝහල් පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල සුදුවතුරආර පදිංචි ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය කනිෂ්ඨ විද්‍යාලයේ තුනවසරේ ඉගෙනුම ලබන ඩී.එම් ලක්ෂිත මධුශාන් (09) නැමති ශිෂ්‍යයෙකි.

මෙම දරුවා පසුගිය 28 වැනිදා නිවස අසළ පිහිටි කෝන් ගසකින් කෝන් කඩා නිවසට ගෙනවිත් කමින් සිටියදී කෝන් ඇටයක් සිරවී ඇති අතර පසුව මොණරාගල රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා අද (05) අලුයම මෙලෙස මියගොස් ඇති අතර මොනරාගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.