28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමම අගමැතිකම ගන්න සූදානම් - අනුර කුමාර

මම අගමැතිකම ගන්න සූදානම් – අනුර කුමාර

තමන් ආණ්ඩුව බාර ගැනීමට සූදානම් බව පැවසුවේ පසුගිය මැයි මාසයේ 11 වැනිදා බවත් එය අලුත් දෙයක් නොවන බවත් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මාස 6කින් රට ගොඩගන්නවා නම් තමන් අගමැති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව කියමින් කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

මෙම අර්බුදයේ ආර්ථික අර්බුදයක් පමණක් නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් ඒ සඳහා තමා සූදානම් බවත්ය.