30.6 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආරක්ෂක ලේකම් මානව හිමිකම් කොමිසමට

ආරක්ෂක ලේකම් මානව හිමිකම් කොමිසමට

කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ ඉකුත්දා ඇති වු සිද්ධිය අතරතුර යුද හමුදා නිලධාරියෙක් පුද්ගලයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගෙන් කරුණු විමසීමක් කළ බව කොමිසම පවසයි.

මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය කර තිබූ දැනුම්දීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා ඊයේ (05) එහි පෙනී සිටි අතර මෙම සිද්ධිය ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමන් හෙළා දකින බවත් මේ සම්බන්ධයෙන් යුද හමුදාව ඉහළ මට්ටමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කමල් ගුණරත්න කොමිසමට දැනුම් දී ඇත.

මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවෂ්‍ය පියවර ගන්නා බවට ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ දැනුම් දී තිබේ. රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව ප්‍රකෝපකාරි සිද්ධීන් සිදුකළත් නිලධරීන්ට නීතිය හා සාමය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට උපදෙස් ලබා දෙන ලෙසටත් මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමට වග බලා ගන්නා ලෙසටත් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය ආරක්ෂක ලේකම්වරයාට දැනුම් ඇති බව එම කොමිසම් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.