― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකන්දකාඩු විමර්ශන වාර්තාව දින 02ක් ප්‍රමාදයි

කන්දකාඩු විමර්ශන වාර්තාව දින 02ක් ප්‍රමාදයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ සිද්ධියකදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයේ වාර්තාව ලබාදීම තවත් දින දෙකක් ප්‍රමාද වන බව පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවසයි.

ඔහු සඳහන් කළේ සිද්ධියට අදාළව තවත් රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඇති බැවින් එම වාර්තාව ලබාදීමට එහි සාමාජිකයින් කල් ඉල්ලූ බවයි.

ඒ අනුව වාර්තාව සිකුරාදා දිනයේ තමන්ට භාරදීමෙන් පසු එදිනම විෂය භාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත එය භාරදීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථායේ ඇතිවූ සිද්ධියේදී මියගිය රැඳවියාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (05) පොළොන්නරුව මහ රෝහලේදී පැවැත්විණ.

එහිදි හෙළි වී ඇත්තේ අදාළ මරණය මොට ආයුධවලින් පහරදීමෙන් ශරීරයේ ඇතිවූ තැලීම් හේතුවෙන් හටගත් සංකූලතා හේතුවෙන් සිදුව ඇති බවයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා හා ගුවන් හමුදා සාමාජිකයින් සිවුදෙනා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.