28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර්ථික අර්බුදය හැදූ අයට එරෙහිව විමර්ශනයක්

ආර්ථික අර්බුදය හැදූ අයට එරෙහිව විමර්ශනයක්

රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කළ පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් සලකාබැලීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙනිය සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (06) නියමකර තිබේ.

අදාළ පෙත්සම්වලින් ඉල්ලා ඇත්තේ නිසි කළමනාකරණයකින් තොරව අදූරදර්ශී ආර්ථික ක්‍රියාමාර්ග අනුගමනය කොට රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත්කිරීමට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව වහාම විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සලකාබැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ මස 27 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම්වල වගඋත්තකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, හිටපු මුදල් අමාත්‍ය හා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වත්මන් මුදල් අමාත්‍ය සහ අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, අලි සබ්රි, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල, ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු පිරිසක් නම් කර තිබේ.