25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරියාවේ වසර 10ක් සේවය කළ අයට E7 වීසා

කොරියාවේ වසර 10ක් සේවය කළ අයට E7 වීසා

වසර දහයකට වඩා වැඩි කාලයක් කොරියාවේ සේවය කර මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට ඊ 7 වර්ගයේ වීසා ලබාදීම සම්බන්ධයෙන් කොරියානු රජයේ අවධානය යොමු කරන බව කොරියානු තානාපති සන්තෝෂ් වොන්ජිං ජියොං (Santhush Woonjin JEONG) පැවසීය.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර හා කොරියානු තානාපති සන්තෝෂ් වොන්ජිං ජියොං (Santhush Woonjin JEONG) අතර හමුවක් ඊයේ (07) උදෑසන පැවති අතර තානාපතිවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.

එහිදී දෙරටේ කම්කරු ක්ෂේත්‍රය ගැන වැඩි අවධානයක් යොමු වී ඇති අතර කොරියාවේ පවතින දියුණු තාක්ෂණය ලංකාවේ තරුණ ශ්‍රමිකයින්ට ලබාදීමේ වැදගත්කම මනුෂ නානායක්කාර ඇමැතිවරයා පැහැදිළි කළේය.

ඒ සඳහා තානාපතිවරයාගෙන් සුභවාදී ප්‍රතිචාරයක් හිමි වී තිබේ. ඒ අනුව කොරියාවේ ඉහළ තාක්ෂණයක් ඇති ආයතනවල ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ලංකාවට පැමිණ පාසල් හැර ගිය සහ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සහතික විය.