31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදානමය පිංකමකදී පොහොට්ටු මන්ත්‍රීගෙන් වෙඩි පූජාවක්!

දානමය පිංකමකදී පොහොට්ටු මන්ත්‍රීගෙන් වෙඩි පූජාවක්!

බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (07) රාත්‍රියේ අඟුරුවාතොට ප්‍රදේශයේදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරයෙකු වෙඩි තැබීමක් සිදු කර තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක දානමය පිංකමකට සහභාගි වීමට පැමිණි මන්ත්‍රීවරයා එහි සිටි පිරිස සමඟ බහින්බස් වීමක් ඇති කර ගෙන ඇති බවයි.

එම ස්ථානයෙන් පිටව ගිය මන්ත්‍රීවරයා නැවත පැමිණ සිය රථයේ සිටම නිවස දෙසට හා අහසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා පළා ගොස් ඇති අතර ඔහු සොයා වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.