27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරයාට මේ අර්බුදය විසඳන්න බැහැ - නාලක ගොඩහේවා

ජනාධිපතිවරයාට මේ අර්බුදය විසඳන්න බැහැ – නාලක ගොඩහේවා

ජනාධිපතිවරයා දිගටම ධුරයේ රැඳී සිටීමෙන් රටේ පවතින අර්බුදය විසඳිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

වත්මන් අර්බුදය ජනාධිපතිතුමාට විසඳන්න බැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය කීයද කියලා අපිට තවම කියන්න බැහැ. නමුත් මෙවැනි විශාල අර්බුදකාරී අවස්ථාවක ජනතාවට අලුත් බලාපොරොත්තු ඇති කළ යුතුයි. මේ සියල්ලටම විශිවාසය තමයි වැදගත්ම සාධකය වෙන්නේ. විශ්වාසය නැතුව කිසිම දෙයක් කරන්න බැහැ.

ආණ්ඩුව කරන දේ ජනතාව විශ්වාස නොකරන තුරු ආන්ඩුවට ජනතාවගේ සහායක් ලැබෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. අපි මේ කතා කරන විසඳුම් සියල්ල ක්‍රියාත්මක කරන්න ජනතා විශ්වාසය දිනාගන්න ලොකු වෙනසක් වෙන්න ඕන.

ඉතින් ඒ විශාල වෙනසේ ප්‍රධාන සාධකය තමයි ජනාධිපතිවරයා. එම සාධකය පවතිනා තාක් කල් ආණ්ඩුවට ජනතාවගේ විශ්වාසය ගොඩනැගිය නොහැකි බව මම විශ්වාස කරනවා.