25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසඳුදා සිට දුම්රිය ගාස්තුත් ඉහළට

සඳුදා සිට දුම්රිය ගාස්තුත් ඉහළට

ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත.

දැනට පවතින අවම දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව වන රුපියල් දහය, රුපියල් විස්ස දක්වා ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි.

දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.