27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනතාව ගෑස් නැතිව දුක් විදින්න හේතුව රාජපක්ෂ අයියා සහ මල්ලී

ජනතාව ගෑස් නැතිව දුක් විදින්න හේතුව රාජපක්ෂ අයියා සහ මල්ලී

ජනතාවට ගෑස් නැතිව දුක් විදින්න සිදු වීමට හේතුව ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 7 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ

ඕකියු ට්‍රේඩින්    කියන ඕමාන්සමාගමට 2020-2-28 වැනිදා ඉඳලා 2023 පෙබරවාරි 28 වැනි දා දක්වා කාලයක් ලංකාවට අවශ්‍ය ගෑස් සමඟ මූලික ගිවිසුමක් එකඟතාවයක් තිබුණා.

 එ එකඟතාවයට අනුව වසර තුනක කාලයක් ඔවුන් ගෑස් සපයනවා.

 එක්වරම 2021 අප්‍රියෙල් මාසයේ 6 වැනිදා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විදිහට ලිට්‍රෝ සමාගමේ අයයි   මේකට අදාළ සැපයුම්කරු යි ඔක්කොම ගෙනල්ලා සාකච්ඡාවක් පවත්වලා ඒ සාකච්ඡාවේදී තීරණයක් ගත්තා. 2023 පෙබරවාරි 28 දක්වා යාමට නියමිත ගෑස් ටෙන්ඩරය 2022 පෙබරවාරි 28 වැනිදා අත් හිටවනවා කියලා.

 වසරක් කලින් ඒක අත්හි ටවනව කියලා තීරණය කළා.

 ඒ වසරට ගෑස් මිල දී ගැනීම සඳහා ලිට්රෝ සමාගම නැවත ටෙන්ඩර් කැඳවීමක් කරන්න තීරණය ගත්තා.

 මේ ටෙන්ඩරය අහෝසි කළේ ඇයි කියන එක ප්‍රශ්නයක්.

 එදිනම 2021 ඔක්තෝම්බර් මාසෙ හයවෙනිදා අදාල සමාගම ලිපියක් යවනවා මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල ට  ඒ ලිපියේ ඔවුන් සඳහන් කරනවා ඔවුන් එකගයි තව වසරක් සඳහා හෝ වසර දෙකක් සඳහා අවශ්‍ය කරන ගෑස් ලබා දෙන්න කියලා ලිපියක් ඉදිරිපත් කරනවා.

 ඔවුන් ඒ ලිපිය ඉදිරිපත් කරලා දවස් දෙකකට පස්සේ. 2021 ඔක්තෝම්බර් මාසේ 8 වැනිදා ඇවන්ගාඩ් සමාගම එහි විධායක කළමනාකරුවාගේ අත්සන සහිතව මෙන්න මේ ලිපිය යවනව,

 ගෑස් ඒකාධිකාරයක් තියනවා ගෑස් ඒකාධිකාරිය බිඳීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වෙමින් ඉන්නවා.

 ජනාධිපති වරයාගේ උපදෙස් සහ මැදිහත්වීම මත තමයි මේ කටයුතු කරමින් ඉන්නේ කියලා. නිශ්චිතවම ගෝඨාභය රාජපක්ෂ මේ ඇවිල්ල තියෙන තත්ත්වයට වගකිව යුතුයි.

 මුදල් අමාත්‍යවරයා විදිහට මෙතෙක් තිබුණ ටෙන්ඩරයක් අහෝසි කරලා අලුතෙන් ටෙන්ඩරයක් ඇති කරගන්න පියවර නොගත්ත බැසිල් රාජපක්ෂ මේකට වගකිව යුතුයි.

 බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මේ ක්‍රියාවලිය පිටිපස්සෙ ඉන්නවා.

 ලස්සනම කතාව එන්න එතනින් පස්සේ 2022 මැයි මාසේ විසි වෙනිදා කෝප් කමිටුවට ගෙනාව ට පස්සේ ලිට්රෝ සමාගම ඒකෙදි හිටපු සභාපති වරයා විදිහට ටෙසාර    ජයසිංහ විශේෂ ප්‍රකාශයක් කරනවා.

 ඔහු කියනවා ටර්ම්ස්    ටෙන්ඩරය තිබුණා ඕකිවු සමාගමට නමුත් අඩු මිල ටෙන්ඩර් එක ඉදිරිපත් කළේ ඇවන්ගාඩ් සර්ෆස්ට් සේෆ්ටි සොලුෂන් ස  මාගම නිසා අර ගොල්ලන්ගෙ ටෙන්ඩරය අහෝසි කළා කියලා.

 එතකොට ප්‍රශ්නයක් එ නවා එහෙනම් දෙකෙන්ම ගත්තේ නැද්ද කියලා. 2022 ජුලි මාසේ පස් වෙ නිදා පෙරේදා මේක සම්බන්ධව ලිට්රෝ සමාගම කෝප් කමිටුවට ගෙනාවට පස්සෙ ටෙෂාර ජයසිංහ ප්‍රකාශයක් කරනවා ඇවන්ගාඩ් එකට අනිවාර්යෙන්ම ටෙන්ඩර් එක දෙන්න කියලා බලපෑම් කළේ ජනාධිපති කියලා.

 2022 ජනවාරි මාසේ 19 වැනිදා මේගොල්ලෝ ස්පොට් ටෙන්ඩර් එකක් කැඳෙව්වා. ඒක මාර්තු 16 වැනිදා යින්  කාලය අවසන් වුණා ..

 සාමාන්‍යයෙන් ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා අයකරනු ලබන මිලක් තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 7,500 ක් වගේ වෙනවා.

 මීට අමතරව මේකට රක්ෂණ ගාස්තු නැව් ගාස්තු වගේ දේවල් ඇතුලත් වෙනවා. ඒ රක්ෂණ ගාස්තුව සහ නැව් ගාස්තුව සියම් ගෑස් කියන සමාගම ඩොලර් අනු හයකට දෙන්න ටෙන්ඩර් එක ඉදිරිපත් කළා. ඕකිවූ ට්‍රේඩිං සමාගම   ඩොලර් 129 ක ට දෙන්න ඉදිරිපත් කළා. බිබී එනර්ජි කියන සමාගම  ඩොලර් 147 කට දෙන්න ඉදිරිපත් කළා ටෙන්ඩරය මේකෙ අඩුම මිල තිබුණෙ ඩොලර් 96 ඒ කියන්නේ සියම් ගෑස් එක.

 සියම් ගෑස් එකට ටෙන්ඩර් කමිටුව මේකට අදාල ටෙන්ඩරය දෙන්න කටයුතු කළා. එකපාරටම සියම් ගෑස් එකේ ටෙන්ඩරය නවත්තලා ටෙන්ඩර් කමිටුවේ අනුමැතිය කුත් නැතුව ලිට්‍රෝ එක ඕකිවු ට්‍රේඩින්එ කෙන් මේක ගෙන්න ගන්න තීරණයක් අරගෙන තිබුණා..

 ඩොලර් මිලියන නමයක් විතර වැඩිපුර ගෙවල ගන්න තීරණය කරලා. ඇයි මෙහෙම කළේ කියලා කලින් ඇහුවාම කිව්වා මෙට්‍රික් ටොන් 30000ක් ඉල්ලුව ජුනි මාසේ ඒක දෙන්න බෑ කියලා කිව්වා අර සමාගම හයදාස් පන්සීයයි දෙනවා කිව්වේ එහෙම නම් කරන්න තිබුනේ අඩු මිලට 6500 අරගෙන මදි ටික ගන්න අනිත් සමාගමෙ න් .

 ඊළඟ ප්‍රශ්නය තමයි සියම් ගැස්ව ගේ ජාත්‍යන්තරයට ගෑස් දෙන සමාගමක් ගෑස් දෙන්න බැරිව ටෙන්ඩරයක් ඉදිරිපත් කරයිද කියන එක.

 පෙරේදා කෝප් කමිටුවේදී මුළු පැටිකිරිය ම එළියට ආවා.

 2022 මූල වෙනකොට ඩොලර් මිලියන 27ක එස්බී  එල් සී එකක් දෙන්න හැකියාව ලිට්රෝ සමාගම ට තිබිලා තියෙනවා.

 ඒ වෙලාවේ ඒකට කටයුතු නොකර අර්බුදය දිගට යන්න ඇරලා ජුනි මාසේ වෙනකම් කරන්නෙ යද්දි තමයි එස් බී එල්සී  එකක් ඕපන් කරන්න බැරිවෙලා තියෙන්නේ.

 මේක කලින් කල යුතුව තිබුන එකක්.

 ඇවන්ගාඩ් එක හරහා තමන්ට මංකොල්ල කන්න තමන්ට හොරකම් කරන්න මේ ගෑස්ටෙ න්ඩරය ලබා නොදී ඉඳලා තියෙනවා.

 මේකට හේතුව ලංකාවට ඩොලර් නැති ප්‍රශ්නය නෙමෙයි. වසර තුනක ටෙන්ඩරයක් ලබා දීලා ඒකට අත්සන් කරලා තිබුණ ගිවිසුම් ඒවා අත්තනෝමතිකව උල්ලංඝනය කරලා ඇවන්ගාඩ් එක හරහා ගසාකන්න හදපු වාට ප ස්සේ වෙච්ච දෙයක්.

 මේ ආර්ථික අර්බුදය මැදත් මේගොල්ලෝ හොරකම් කරනවා. 2019 අවසානය වෙනකොට රුපියල් බිලියන 20 ක තැන්පතු තිබුන ලිට්රෝ සමාගමේ. දැන් ලිට්රෝ සමාගම රුපියල් බිලියන 10ක් ණයයි..

 මේ ආසන්න අවුරුදු දෙක ඇතුළෙ රුපියල් බිලියන තිහක් කොහොමද විනාශ වුණේ.