26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialනවතා තිබූ දුම්රිය පණගන්වා අරගලයට කොළඹ එන නුවර තරුණයෝ (ඡායාරූප)

නවතා තිබූ දුම්රිය පණගන්වා අරගලයට කොළඹ එන නුවර තරුණයෝ (ඡායාරූප)

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළද දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් අද (09) උදෑසන මහනුවර දුම්රිය ස්ථානයට පැමිණ සිටි පිරිස් දැඩි අපහසුතාවයකට පත් වුණා.

ඒ, හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හට ගත්තා.

කෙසේ වෙතත් පැමිණ සිටි පිරිසගේ දැඩි විරෝධය හමුවේ කොළඹ බලා දුම්රියක් ධාවනයේ යෙදවීමටයි මහනුවර දුම්රිය ස්ථානය භාර නිලධාරීන්ට සිදු වුණේ.

එහිදී දුම්රිය ස්ථානයට රැස්ව සිටි තරුණ පිරිස්, දුම්රිය ස්ථානය භාර නිලධාරියෙකුගෙන් ලිපියක් ද ලියා අත්සන් ලබාගෙන ඇත්තේ අරගලයේ තරුණයින්ගේ දැඩි ඉල්ලම මත දුම්රියක් කොළඹ බලා ධාවනය කිරීමට සිදු වූ බව දන්වමින්.

මේ අතර ගාල්ල සහ මාතර අතර දුම්රිය ධාවනය වූ ‍නමුත් අද (09) උදෑසන කොළඹ දෙසට දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් ගාල්ල දුම්රිය ස්ථානයේදී දැඩි උණුසුම තත්ත්වයක් හටගත්තා.