27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSocialමීළඟ අරගලය පොලිස්පති හා දේශබන්දු වෙත - නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිඥයන් සූදානම්

මීළඟ අරගලය පොලිස්පති හා දේශබන්දු වෙත – නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිඥයන් සූදානම්

අද දවස ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවෙන දිනයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මිනිසුන්ගේ පීඩාව, දුක වේදනාව දරාගත නොහැකි තැනට පත්ව ජනතා අරගලයක් ආරම්භ වුණේ මීට මාස කිහිපයකට ඉහතදීය. සුන්දර මේ රට ව්‍යසනයක් දක්වා ඇද දැමූ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීමට මීළඟ අරගලය විය යුතුය.

පසුගියදා රට ගිනි තැබූ සිදුවීමට සම්බන්ධ දේශපාලඥයන් සහ පොලිස් නිලධාරීන්ට නිසි දඩුවම් ලබාදිය යුතුය.

ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයාගේ සිට දේශපාලන බලය භාවිත කරමින් රටට කළ විනාශයට නිසි දඩුවම් ලබාදීම මගින් අනාගතය හෝ සුබවාදී කරගත හැකිය. මහජන මුදල් සොරා කමින්, රටේ සම්පත් විකුණා දමමින් දූෂිත ක්‍රියාවල නිරතවූ නිලධාරීන් ඇතුළු සියලු බලධාරීන් පිළිබඳව සොයා බැලිය යුතුය.මේ සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කිරීමට නීතීඥයන් කටයුතු කරනු ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.