27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅතිශය දුෂ්කර කාලයකදී පවා අපට දැක්වූ ආගන්තුක සත්කාරවලට ස්තූතියි - ඩේවිඩ් වෝනර්

අතිශය දුෂ්කර කාලයකදී පවා අපට දැක්වූ ආගන්තුක සත්කාරවලට ස්තූතියි – ඩේවිඩ් වෝනර්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ දීර්ඝ තරග සංචාරය ඊයේ (11) අවසන් වුණේ දෙරට අතර පැවති අවසන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟයි.

ඒ අනුව මාසයකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම යළි සිය මව්රට බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ග්‍රාහකයින් මිලියන නවය හමාරක් පමණ සිටින සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට විශේෂ සටහන එක්කර තිබුණා.

අතිශය දුෂ්කර කාලයකදී පවා අපට දැක් වූ ආගන්තුක සත්කාරකත්වය ගැන ශ්‍රී ලංකාවට ස්තූතියි. මෙහි පැමිණ අප ආදරය කරන ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට ඔබ දැක්වූ සහයෝගය සහ ආදරය ගැන අපි කෘතඥ වෙනවා. මෙම සංචාරය අපට කිසිදා අමතක නොවේ. ඔබේ විශ්මිත රටට මම ආදරය කරන හේතුව තමයි කුමන තත්ත්වයන් යටතේ වුවද, සෑමවිටම ඔබේ මුහුණේ සිනහවක් තිබීම සහ සැමවිටම සාදරයෙන් පිළිගැනීම. මම මගේ පවුලේ අය සමඟ නිවාඩුවක් සඳහා එක් දිනක් හෝ මෙහි පැමිණීමට මඟ බලාගෙන ඉන්නවා. ඔබට ස්තූතියි!”