28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුරාවිද්‍යා නිලධාරීන් ජනපති මැදුර නිරීක්ෂණයට එයි

පුරාවිද්‍යා නිලධාරීන් ජනපති මැදුර නිරීක්ෂණයට එයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (12) ජනාධිපති මන්දිරය වෙත පැමිණ තිබෙනවා.

එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් දේපළවලට හානි සිදුව ඇත්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන් මෙලෙස ජනාධිපති මන්දිරයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එහිදී ජනාධිපති මන්දිරයේ රැඳී සිටින තරුණ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට ද සැලසුම් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුගිය 09 වනදා පැවති විරෝධතා අතරතුර අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමට සමත් වුණා.

එදින සිට මේ දක්වා ඔවුන් එහි රැඳී සිටින අතර ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා මේ වනවිට දිවයිනේ නන්දෙසින් ජනතාව පැමිණෙමින් සිටිනවා.

මේ අතර ජනාධිපති මන්දිරයේ තිබූ වටිනා භාණ්වලට අලාභ හානි සිදුව ඇති ආකාරය දැකගන්නට ලැබුණු අතර ඇතැම් වටිනා භාණ්ඩ එහි පැමිණි පිරිස් විසින් සොරාගෙන ගොස් ඇති බවටද වාර්තා වුණා.