26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවෙරළබඩ පොලිස් වසමේ වෙඩි තැබීමක්

වෙරළබඩ පොලිස් වසමේ වෙඩි තැබීමක්

වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි අඹුසැමි යුවළකට සිදුකළ වෙඩි තැබීමෙන්සැමියා තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ‘කිඹුලා ඇල ප්‍රදීප්’ නමැත්තකු බවට තොරතුරු ලැබී ඇති අතර වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ ඔවුන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.