27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති ධුරයට සජිත්ගේ නම යෝජනා වෙයි

අගමැති ධුරයට සජිත්ගේ නම යෝජනා වෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට බාර දී ඇති අතර ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය පුරප්පඩු වී තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස අද (15) දිවුරුම් දීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දෙනු ඇති.

මේ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අගමැතිවරයෙකු තෝරා ගැනීමට නියමිතය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂය විසින් යෝජනා කරන නම අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නම අග්‍රාමාත්‍ය ධුරය සඳහා සඳහා යෝජනා වූ බවයි.

එමෙන්ම අද (15) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමට සහභාගිවීමට පැමිණි දයාසිරි ජයසේකර සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධූරය සදහා සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කරන බවයි.