27 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර මිලදී ගන්න ඩොලර් මිලියන 14ක් මෙරටට

ආහාර මිලදී ගන්න ඩොලර් මිලියන 14ක් මෙරටට

ආහාර ලබා ගැනීම සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇතැයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳව සංවාද සාකච්ඡාවකට සහභාගී වෙමින් වැඩ බලන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් සහ අනෙකුත් ජාත්‍යන්තර නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක් වූහ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 6ක් හෝ මිලියන 7.5ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවද වැඩබලන ජනාධිපතිවරයා එහිදී පැවසීය.