26.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමෝටර් රථයක් දුම්රියක ගැටී 06ක් රෝහලට

මෝටර් රථයක් දුම්රියක ගැටී 06ක් රෝහලට

ගාල්ල – මාගල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය අසළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියේ ගැටී අද (18) උදෑසන අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් ගැබිණි කාන්තාවක්, කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ හය දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

තුවාලකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර මංගල උත්සවයකට සහභාගි වී නැවත එමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත.

ආලෝක සංඥා නොතකමින් මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර රෝහල්ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.