29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නෑ - රෝහිත

දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නෑ – රෝහිත

දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දෙය්දී සහාය දේනනේ කාටදැයි මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පක්ෂය ගන්නා තීන්දුව සමග කොන්දේසි විරහිතව තමා සිටගන්නා බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්දය සඳහා ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් ඒ සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසකගෙන් විරෝධය පළවී ඇති අතර ඔවුන් පවසන්නේ පක්ෂය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම ඡන්දයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති බැවින් පක්ෂයෙන් පිටස්තර පුද්ගලයෙකුට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවයි.