අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (18) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එන ලදී.
ඔහු මෙලෙස නඩු කටයුත්තක් වෙනුවෙන් රැගෙන එනුලැබ ඇත්තේ රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කෙරෙන බවට පුවත් පලවන කාල වකවානුවකයි.
ඔහු නිදහස් කිරීමට අදාළ කටයුතු සූදානම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.