27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ව එලවන්න බරපතළ ක්‍රියාමාර්ග ගන්නවා - වසන්ත මුදලිගේ

රනිල්ව එලවන්න බරපතළ ක්‍රියාමාර්ග ගන්නවා – වසන්ත මුදලිගේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහව එම තනතුරින් ඉවත් කිරීම සඳහා මේ දින දෙක තුළ බරපතළ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

හෙතෙම මේ බව අවධාරණය කළේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව සමග ඊයේ (17) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඒ අනුව ජුලි 18 – 19 දෙදින තුළ ආසන්න නගරවලට පැමිණ විරෝධතා පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි වසන්ත මුදලිගේ කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට හැකිවූයේත් මුළු රටම අරගල භූමියක් බවට පරිවර්තනය කිරීමෙන් බවයි.