― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොදෙව් සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

කොදෙව් සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පසුගියදා ලිපියක් මඟින් ඔහු මේ බව දන්වා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

වසර 16ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකුගේ භූමිකාව මනාව ඉටුකළ මෙම දකුණත් පිතිකරුවා ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට 37 වන වියේ පසු වුණා.
2006 වසරේ පාකිස්ථානයට එරෙහිව එක්දින තරගයකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන සිමන්ස්, ජාත්‍යන්තර ටෙස්ට්වරම් හිමකර ගනු ලබන්නේ ඊට වසර 03කට පසුවයි.

2007 වසරේදී විස්සයි විස්ස පිටියට පිවිසෙන ලෙන්ඩ්ල් සිමන්ස් එම ආකෘතිය තුළ තරග 68 කදී ලකුණු 1527ක් සහ එක්දින තරග 68ක් ද ක්‍රීඩා කරමින් ලකුණු 1958ක් රැස්කරගෙන සිටියා.

ජාත්‍යන්තර ටෙස්ට් තරග අටකට පමණක් ක්‍රීඩා කර ඇති මෙම ක්‍රීඩකයා එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 278ක්. කෙසේ වෙතත් සිමන්ස් සීමිත පන්දුවාර තරග රටාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබල පිතිකරුවෙකු ලෙස කැපීපෙනුන ක්‍රීඩකයෙක්.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඩෙනේෂ් රාම්දීන් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙනවා. සමුගැනීම නිවේදනය කරමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, තමන් දිගටම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බවයි.

ටෙස්ට් තරග 74ක්, එක්දින තරග 139ක් සහ විස්සයි විස්ස තරග 71කට ක්‍රීඩා කර ඇති රාම්දීන් 2012 සහ 2016 වසරවල බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණ සඳහා සිය දායකත්වය ලබාදුන්නා.

කෙසේ වෙතත් දකුණත් පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකු වූ රාම්දීන් කෙරෙහි 2019 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටුව වැඩි අවදානයක් නොදක්වන ආකාරය දක්නට ලැබුණා.