― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසජිත් හා ඩලස්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

සජිත් හා ඩලස්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට තරග වදින පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (19) එකාබද්ධ ප්‍රකාශයක් සිදුකළා.

මෙම විශේෂ මාධ්‍ය හමුව අද (19) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසා සිටියේ අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බවත්ය.

අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මොහොතේ රටේ ජනතාවත් වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බව පැවසූ ඩලස් අලහප්පෙරුම කියා සිටියේ රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වාදීම වෙනුවෙන් කැපවන බවයි.

මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ඇප කැප වෙන බව සඳහන් කළේය.