― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමෙරට අටවැනි විධායක ජනපති තෝරාගැනීම අද

මෙරට අටවැනි විධායක ජනපති තෝරාගැනීම අද

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක අනුප්‍රාප්තික ජනාධිපති තෝරා පත්කර ගැනීම අද (20) පාර්ලිමේන්තුවේදී පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.

මැතිවරණයකින් ජනාධිපතිවරයකු තේරා පත්කර ගැනීම වෙනුවට පාර්ලිමේන්තුව මගින් නව ජනපති තෝරා ගැනීම මෙහි විශේෂත්වයයි. ඒ අනුව නව ජනපති තෝරා ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම ඊයේ සිදුවූවේ තවත් ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක්ද එක් කරමිනි.

එහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් නිසි පරිදි යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත්වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක නිවේදනය කළේය.

මෙම ඡන්ද විමසීමේදී කථානායක මහින්ද යාපා අබේවර්ධනටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවීම විශේෂත්වයක් වේ. මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහ ලේකම්වරයා විසින් කථානායකද ඇතුළු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබේ. එවිට එම මන්ත්‍රීවරයා තේරීම් භාර නිලධාරියාගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතු අතර එම මන්ත්‍රීවරයා ඉදිරියේදීම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමඟ කෙටි අත්සන යෙදීම සිදු කෙරේ. ඉන්පසු ඡන්ද පත්‍රිකාව ලබාගත් මන්ත්‍රීවරයා සභා ගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කොට තේරීම් භාර නිලධාරියාගේ කෙටි අත්සන පෙනෙන ලෙස නවා තේරීම් භාර නිලධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතුය.

එක් මන්ත්‍රීවරයකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි ‘1’ යන ඉලක්කම යොදා ඡන්දය සලකුණු කළ යුතුය.

අපේක්ෂකයන් කිහිපදෙනකු සිටින බැවින් දෙවැනි මනාපයද සලකුණු කිරීමට අවස්ථාව සැලසේ. ඒ අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙළ අනුව ලකුණු කිරීමට හැකිය. මෙහිදී අපේක්ෂකයන් දෙදෙනකු හෝ කිහිපදෙනකු ලැබූ ඡන්ද සමාන වුවහොත් තේරීම් භාර නිලධාරියාගේ පරම අභිමතය පරිදි කුසපත් ඇදීමක් මගින් නව ජනාධිපති තෝරා ගැනේ.

එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතු වේ.