22.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට විදෙස් තානාපතිවරු හා කතානායක අතර හමුවක්

මෙරට විදෙස් තානාපතිවරු හා කතානායක අතර හමුවක්

මෙරට විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කිහිපදෙනෙක් පෙරේදා (18) කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග්, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මිචෙල් ඇප්ලේටන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකින්නන් යන අය සහභාගී වී තිබෙන බව වාර්තා වෙයි.

මෙම රැස්වීමේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත ආසියාවේ පැරණිම රටක් ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව කථානායකවරයා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දූත පිරිස දැනුවත් කර ඇති අතර එහිදී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ගන්නා ලද පියවරයන් පිළිබඳව දූතපිරිස සිය ප්‍රශංසාව පළ කර තිබේ.