― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපසුගිය රජය IMF සහය අනවශ්‍ය යැයි සලකා කටයුතු කරලා

පසුගිය රජය IMF සහය අනවශ්‍ය යැයි සලකා කටයුතු කරලා

පසුගිය රජය සහ මහ බැංකු බලධාරීන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ යැයි සලකා කටයුතු කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ Cණ්ණ් මාධ්‍ය ජාලය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මේ වනවිට මහ බැංකුව පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින බව හා ශ්‍රී ලංකාවට ස්ථාවර රජයක් පත් වූ වහාම ඒ සඳහා සහය දීමට මහ බැංකුව සූදානමින් සිටින බවයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවයකට පැමිණෙන තෙක් ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අපහසුතාවලින් ගොඩඒම සඳහා නව රජයට හිතවත් රටවල සහයෝගය ලබාගැනීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉදිරි මාස කිහිපය ශ්‍රී ලංකාවේ ජනතාවට ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවන බවත් නිසි ආකාරයට කටයුතු සිදුවූයේ නම් තව මාස 5 කින් පමණ මෙම අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළේය.