28.4 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ගැන ඇමරිකානු තානාපතිනිය කණස්සල්ලෙන්

අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ගැන ඇමරිකානු තානාපතිනිය කණස්සල්ලෙන්

ඊයේ (21) රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ලකළ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග්ගේ අවදානයට යොමුව තිබෙනවා.

ඇය පවසන්නේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමාට දැඩි කනස්සල්ලක් පවතින බවයි.

බලධාරීන් විසින් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බවයි ඇය සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසා ඇත්තේ.

ගාලු මුවදොර පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන්ට අරගල භූමිය ඇතුළු වූ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයෙන් තුවල ලැබූ පිරිස් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එම සංඛ්‍යාව නිශ්චිත වශයෙන් අනාවරණය වී නැහැ.

එමෙන්ම මෙම සිද්ධිය අතරතුර පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.