29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදිමුත් කරුණාරත්න කොන්දේ ආබාධයකට ලක්වෙයි

දිමුත් කරුණාරත්න කොන්දේ ආබාධයකට ලක්වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

දිමුත් පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති අතර ඔහුට මේ වනවිට ප්‍රතිකාර වෙත යොමුකර ඇති බවයි ගාල්ලෙන් වාර්තා වුණේ.

දිමුත්ගේ තත්ත්වය පිළිබඳව කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා දැඩි අවධානයෙන් පසුවන බවයි ක්‍රිකට් බලධාරීන් සඳහන් කළේ. මේ හේතුවෙන් පාකිස්ථාන පළමු ඉනිමේදී පන්දු රැකීමට ඔහු පිටියට නොපැමිණි අතර උප නායක ධනංජය ද සිල්වා මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරනවා.

තරගයේ දෙවන දිනය වන අද දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 378ක් රැස් කළා.