27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභයගේ ලේකම්ට රනිල්ගෙන් ලොකු පට්ටමක්

ගෝඨාභයගේ ලේකම්ට රනිල්ගෙන් ලොකු පට්ටමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට පත්කිරීමට තීරණය කර ඇති බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉදිරි සතියේදී ඊට අදාළ පත්වීමේ ලිපිය සෙනරත් වෙත් නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු සහ ජනාධිපති ලේකම්වරයකු වන ගාමිණී සෙනරත් වසර 35කට වැඩි කාලයක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබවූ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙක් වන අතර ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.