― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසවුත්වේල්ස් විශ්ව විද්‍යාලයට මෙරට සිසුන් ගැනීම අත්හිටුවයි

සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයට මෙරට සිසුන් ගැනීම අත්හිටුවයි

මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති.

2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා ඇතැයි සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත.

දැනට සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් බොහොමයක් නියමිත වේලාවට පාඨමාලා ගාස්තු ගෙවීමට අපොහොසත් වී ඇතැයි එම නිවේදනයේ දක්වා ඇති අතර ඒ හේතුවෙන් එම සිසුන් පාඨමාලාවෙන් ඉවත් කිරීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් බ්‍රිතාන්‍යයේ වීසා සහ ආගමන කාර්යාලයේ එම සිසුන් පිළිබඳ පැමිණිල්ලක් ගොනු වීමේ අවදානමක් තිබෙන බවත් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

දැනටමත් අයදුම්පත්‍රය අනුමත වී ඇති සිසුන් ඉතිරි පාඨමාලා ගාස්තුව ගෙවන ආකාරය ගැන පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළ යුතු අතර සියයට 50ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇති සිසුන් හට ඉතිරි මුදල ගෙවීමට නොහැකි යැයි හැඟේ නම් එම මුදල ආපසු ලබා දෙන බව සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය පවසයි.

2023 ජනවාරි – පෙබරවාරි කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට අයදුම් කළ හැකි වුණත් ඇතුළත් වීමේදී සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවිය යුතු බව සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය අවධාරණය කළේය.