― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගේ දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි

ජනපතිගේ දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙය වන අතර අද දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ‍හෙට (26) කැඳවා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.