28.9 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම මාවතේදී අද (26) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

අම්බලන්ගොඩ, ඉඩම්තොට පදිංචි මුරුක්කුවාදුර වසන්ත ද සොයිසා නමැත්තෙක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

යතුරු පැදියකින් ගමන් යමින් සිටියදී මෙම තැනැත්තාට තවත් යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබේ.

වෙඩි වැදුණු තැනැත්තා මීට වසර දෙකකට ඉහතදී අම්බලන්ගොඩ, ඌරවත්ත පැරට්හංදිය ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇප මත නිදහස්ව පැමිණ සිටි අයෙකු බවද පොලීසිය කියයි.