― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි 04ක් අත්අඩංගුවට

බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි 04ක් අත්අඩංගුවට

අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් ගාලුමුවදොර, බණ්ඩාරනායක පිළිරුව අසළ රැඳී සිටි පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 10ක ප්‍රදේශයේ රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

ගාලු මුවදොර, බණ්ඩාරණායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයකට ඇතුළුවීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයෙන් පසුගියදා නියෝගයක් නිකුත් කරනු ලැබීය.

අදාළ සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.