28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතමිල්නාඩුවෙන් කෝටි 74ක ආධාර මෙරටට

තමිල්නාඩුවෙන් කෝටි 74ක ආධාර මෙරටට

ආර්ථික අර්බුදයෙන් පෙලෙන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තමිල්නාඩු රජය පරිත්‍යාග කරන තුන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගය මෙරටට ලැබී ඇතැයි ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු ඌව පළාත් ඇමැති සෙන්දිල් තොන්ඩමන් පවසයි.

සහල්, කිරිපිටි සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙම භාණ්ඩ තොගයට අයත් වන අතර ඉන්දීය වාර්තාවලට අනුව මෙලෙස ලබාදී ඇති නවතම ආධාර තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 74ක් (රුපියල් කෝටි 333ක් පමණ) පමණ වේ.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ තමිල්නාඩු රජය සහල් මෙට්‍රික් ටොන් 40 ක්, අත්‍යවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 102ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් ශ්‍රී ලංකාවට සහනාධාර වශයෙන් මේවන විට පිරිනමා තිබෙනවා.

එයින් අවසන් භාණ්ඩ තොගය පසුගිය 22 වැනිදා තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. පක්ෂයේ වනිතා කටයුතු ලේකම් කනිමොලි කරුණානිධි විසින් මෙරටට එවා තිබෙනවා. මේ ආකාරයෙන් ලැබුණු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරට දිස්ත්‍රික්ක 25 හිම පවුල් මිලියන 2.3 ක ට බෙදාහැරියා.

අවසන් වශයෙන් ලැබුණු ආහාර ද්‍රව්‍ය තොගයද අඩු ආදායම්ලාභී මෙරට පවුල්වලට බෙදාහරිනවා. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දැක්වූ තමිල්නාඩු රජයට තමිල්නාඩු ජනතාවට හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට මම ස්තූතිය පළ කරනවා.