27.2 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකටකතාවලට හර්ෂගෙන් පිළිතුරු

කටකතාවලට හර්ෂගෙන් පිළිතුරු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට නව රජය මගින් අමාත්‍ය ධූරයක් ලබාදීමට නියමිත බවට පැතිර ගිය කටකතාවලට ඔහු විසින් පිළිතුරු ලබා දී තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හර්ෂ ද සිල්වා සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

මෙම පුවතට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ තමන් එම පුවත 100%ක් ප්‍රතික්ෂේප කරන බවයි.

ඔහු මේ බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත. එමෙන්ම ආණ්ඩුවේ කිසිවකු තමන් සමඟ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවද ඔහු එයින් දක්වා තිබේ.