29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (27) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර හදිසි නීතිය පනවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අද යොමු කිරීමට නියමිතය.

අද පැවැත්වෙන හදිසි නීති නියෝගවලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජනබලවේගය ඊයේ ප්‍රකාශ කළේය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත නව සංශෝධන කිහිපයක් එක් කරමින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඊයේ පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇත.