29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිරෝධතා ස්ථානය සජබෙ කාර්යාලය අසළට රැගෙන යෑමේ යෝජනාවක්

විරෝධතා ස්ථානය සජබෙ කාර්යාලය අසළට රැගෙන යෑමේ යෝජනාවක්

කොළඹ ගාලු මුවදොර පිහිටි විරෝධතා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග යෝජනා කර තිබේ.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ විරෝධතා පැවැත්වෙන ස්ථානය විපක්ෂ නායක කාර්යාලය අසල පිහිටි විහාරමහා දේවී උද්‍යානයට ගෙන යා හැකි බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති උද්ඝෝෂණ ස්ථානය සුදුසු ස්ථානයක් නොවන බව නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස තමන් විශ්වාස කරන බවද රණතුංග මහතා පැවසීය.

ගාලුමුවදොර පිටිය විදේශීය සංචාරකයන්ගේ මෙන්ම දේශීය සංචාරකයන්ගේද ආකර්ෂණයට ලක්වන ස්ථානයක් බැවින් ගාලුමුවදොර විරෝධතා ස්ථානය වහා ඉවත් කිරීම අත්‍යාවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.