23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"අරගලය අවසන් කරන්න අගෝස්තු 09 කොළඹ එන්න"

“අරගලය අවසන් කරන්න අගෝස්තු 09 කොළඹ එන්න”

ලබන මස 09 වැනිදා යළිත් ජනතාව සමඟ කොළඹ වැටලීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඒ අනුව අරගලයේ අවසන් සටන ජයග්‍රහණය කර දූෂිත දේශපාලනඥයින්ගෙන් සහ දූෂිත දේශපාලන සංස්කෘතියෙන් මේ රට බේරා ගන්නා ලෙස අරගලයේ දරුවන්ගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

වර්තමාන පාර්ලිමේන්තුවේ තිබෙන්නේ දූෂිත පාලනයක් බවත් අරගලයේ දරුවන් දූෂිත දේශපාලනඥයින් පන්නා දමා පාර්ලිමේන්තුවට බලය ලබා දුන්නද ප්‍රයෝජනයක් නොවන බවට අරගලයේ දරුවන් තේරුම් ගෙන ඇතැයිද ‌හෙතෙම එහිදී සඳහන් කළේය.

අලුත් බලවේගයක් හරහා ව්‍යවස්ථාව රැකගත යුතු බවත් සියලුදෙනා තේරුම් ගෙන එකතු වී එක අරමුණක පැමිණිය යුතු බවත් පැවසූ ෆොන්සේකා කියා සිටියේ රටට ආදරේ පිරිසක් එකතු කරගෙන අලුත් බලවේගය නිර්මාණය කළ යුතු බවයි.