25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැතුම් කර්නර් අත්අඩංගුවට - විදෙස් ගමනුත් තහනම්

පැතුම් කර්නර් අත්අඩංගුවට – විදෙස් ගමනුත් තහනම්

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද (28) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ඉකුත් 18 වැනිදා ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.

පැතුම් කර්නර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ තැන තැන රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිණෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දෙමින් එහි සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යොදා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට මෙහෙයවමින් කටයුතු කර ඇතැයි පොලිසිය අවධාරණය කරයි.

මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි බව කියන පැතුම් කර්නර් නැමැත්තාට එරෙහිව අධිකරණයෙන් විදේශ ගමන් තහනමක්ද ඉකුත්(17) ලබාගත් බවත් කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.