28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා නිසා රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු වැසෙයි

කොරෝනා නිසා රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු වැසෙයි

රාගම දුම්රිය ස්ථානයේ නිලධාරීන් ඇතුළු සේවක පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද (28) දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු වසා දමා තිබේ.

ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවට දුම්රිය ස්ථානයේ දැන්වීමක් මගින් ප්‍රකාශ කර ඇති අයුරුද දක්නට ලැබුණු අතර මෙම තත්වය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රිය මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොගෙන නොමිලයේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව උදා විය.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධයෙන් දුම්රිය ස්ථාන ප්‍රකාශකයෙක් කියා සිටියේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට කොවිඩ් රෝගය වැළඳීමත් සමඟ මගී ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවේශපත් කවුළු වසා දැමීමට සිදු වූ බවයි.