29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදෙස් මුදල් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

විදෙස් මුදල් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

උණ්ඩියල් ක්‍ර‍මය යටතේ විදේශිය මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයෙකු වැලිගම දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කොක්මාදූව උප කඳවුරේ උප පොලිස් පරීක්ෂක පී.එම්. කාරියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.07.27 වන දින වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ දී නීති විරෝධීව උණ්ඩියල් ක්‍ර‍මය යටතේ විදේශිය මුදල් හුවමාරු කරනු ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම මුදල් වල දළ වටිනාකම රුපියල් එක්කෝටි හැටහත්ලක්ෂයකට ආසන්න වේ.

  1. ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 143 යි.
  2. ඇමරිකානු ඩොලර් 50 නෝට්ටු 73 යි.
  3. ඇමරිකානු ඩොලර් 20 නෝට්ටු 05 යි.
  4. ඇමරිකානු ඩොලර් 10 නෝට්ටු 10 යි.
  5. ඇමරිකානු ඩොලර් 05 නෝට්ටු 11 යි.
  6. ඇමරිකානු ඩොලර් 01 නෝට්ටු 03 යි.
  7. ඉතාලි යුරෝ 500 නෝට්ටු 04 යි.
  8. ඉතාලි යුරෝ 200 නෝට්ටු 66 යි.
  9. ඉතාලි යුරෝ 100 නෝට්ටු 07 යි.
  10. ඉතාලි යුරෝ 50 නෝට්ටු 73 යි.
  11. ඉතාලි යුරෝ 20 නෝට්ටු 14 යි.
  12. ඉතාලි යුරෝ 10 නෝට්ටු 09 යි.
  13. ඉතාලි යුරෝ 05 නෝට්ටු 13 යි.
  14. එංගලන්ත පවුම් 20 නෝට්ටු 29 යි.
  15. එංගලන්ත පවුම් 10 නෝට්ටු 05 යි.
  16. එංගලන්ත පවුම් 05 නෝට්ටු 03 යි.
  17. අරාබි ඩීරාම් 1000 නෝට්ටු 18 යි.
  18. අරාබි ඩීරාම් 500 නෝට්ටු 01 යි.
  19. ජපන් යෙන් 10000 නෝට්ටු 10 යි.
  20. කටාර් රියාල් 500 නෝට්ටු 02 යි.
  21. ඉන්දියන් රුපියල් 100 නෝට්ටු 03 යි.
  22. සවුදි රියාල් 500 නෝට්ටු 01 යි.
  23. කුවේට් ඩිනාර් 20 නෝට්ටු 02 යි.
  24. සිංගප්පුරු ඩොලර් 10 නෝට්ටු 01 යි.
  25. වීන යුආන් 01 නෝට්ටු 03 යි.
  26. ඕමාන් බයිසා 100 නෝට්ටු 03 යි.
  27. පැරණි මුදල් – සවුදි රියාල් 05 නෝට්ටු 01 යි.
  28. පැරණි මුදල් – ඉන්දියන් රුපියල් 50 නෝට්ටු 01 යි.
  29. පැරණි මුදල් – ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 02 යි.