― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනාව ඊයේ (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 57කින් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63ක් හිමි වී තිබේ. ඊයේ (27) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වූ අතර සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබද යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදය ආරම්භ විය.

පස්වරු 5.20 දක්වා මීට පක්ෂව සහ විපක්ෂව අදහස් පළ කරමින් පැවති විවාදය අවසානයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වුණ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වගන්තිය යටතේ 2022.07.17 දින කරනු ලබන ප්‍රකාශනය මගින් ඉහත කී ආඥා පනතේ 2 වන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2022 ජුලි මස 18 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු බව එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

ඉහත කී ප්‍රකාශනය කිරීමට හේතුව මහජන සාමය ආරක්ෂා කිරීම හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාම සඳහා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 වන අනු ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙන බවත් එහි වැඩිදුරටත් සදහන් වෙයි.

මහජන ආරක්ෂක ආඥා පනත අනුව මෙම ප්‍රකාශනය දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් අනුමත කළ හොත් මාසයක කාලයක් සඳහා වලංගු වන අතර දින 14ක් ඇතුළත එම ප්‍රකාශනය සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුණ හොත් එය අවලංගු වෙයි. එසේම සෑම දින 30කටම වරක් හදිසි අවස්ථා තත්ත්වය පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව දීර්ඝ කිරීමේ හැකියාව පවතී.