30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති මැදුරේ විදුලි ඉස්ත්‍රික්කය සොරකම් කළ පුද්ගලයා රිමාන්ඩ්

ජනපති මැදුරේ විදුලි ඉස්ත්‍රික්කය සොරකම් කළ පුද්ගලයා රිමාන්ඩ්

පසුගිය 09 වැනිදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් විදුලි ඉස්ත්‍රික්කයක් සොරකම් කළ සිද්ධියකට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අදාල සැකකරු ඊයේ (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ. පසුගිය 09 වැනිදා අරගලකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී මෙම පුද්ගලයා විසින් එහි තිබූ විදුලි ඉස්ත්‍රික්කයක් සොරාගෙන ගොස් තිබුණා.

මේ අතර අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.